SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498 ක් ඉදිරියෙන්.

SL vs India 1st Test Match: India lead by 498 runs with 7 wickets.
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් රැස් කරගෙන සිටියි.

ඊයේ (28/07) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 291 ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 600 ක් ලබා ගැනීමට සමත් විය.

විරාත් කෝලි සහ අජින්කා රහනේ නොදැවී පන්දුවට පහර දෙමින් සිටිති.

ඉන්දීය පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව අනුව ඉන්දීය පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 401 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුව තිබූ නමුත් ඉන්දියාව නැවතත් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මේ වන විට ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා කඩුලු 7 ක් අතැතිව ලකුණු 498 ක් ඉදිරියෙන් සිටියි.

අද (29/07) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now