ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව ලකුණු 291 කට සියල්ලන්ම දැවී යයි.

SL vs India 1st Test Match: Sri Lanka all out for 291.

Source: AP

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (28/07) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 291 ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 600 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 92 ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක් ලබා ගත්තේය.

නායක උපුල් තරංග ලකුණු 64.

මේ වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන අතර එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 20 ක් ලබා තිබේ.

දැවී ගිය ක්‍රීඩකයා වුයේ පළමු ඉනිමේ ලකුණු 190 ක් ලබාගත් ශීකර් ධවාන් ය.

ඉන්දීය පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව අනුව ඉන්දීය පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 401 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුව තිබූ නමුත් ඉන්දියාව නැවතත් පන්දුවට පහරදීමට තීරණය කළේය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now