SKIP TO MAIN CONTENT

ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය 3 වන දිනය : ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක.

SL vs India 2nd Test
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර නාග්පූර් හි පැවැත්වෙන  දෙවැනි ටෙස්ට් තරගයයේ තුන්වන දිනය වන ඊයේ  (26/11) දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ඔවුන්ට රැස් කිරීමට හැකිවුයේ සියල්ලන්ම දැවී ලකුණු 205 ක් පමණි.

එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් ලබා ගත්තේය.

පළමු ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක ට ලකුණු 610 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට දෙවනියට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඉන්දීය පිළ වෙනුවෙන් නායක වීරත් කෝලි ලකුණු 213 ක් ද චේතශ්වර් පුජාරා ලකුණු 143 ක් ද මුරලි විජේ ලකුණු 128 ක් ද ලබා ගත්තේය.

අද (27/11) තරගයේ සිව්ව්න දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now