SKIP TO MAIN CONTENT

ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය : ඉන්දියාව ලංකාවට අමතක නොවන පාඩමක් උගන්වයි.

SL vs India 2nd Test
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර නාග්පූර් හි පැවැත්වුණු  දෙවැනි ටෙස්ට් තරගයයේ සිව්වන දිනය වන අද (27/11) දිනයේදී ඉන්දීය කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 239 කින් තරගය ජයගැනීමට සමත් විය.

ඒ අනුව ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දියාව ලැබූ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය මෙය බවද වාර්තා වේ.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ඔවුන්ට රැස් කිරීමට හැකිවුයේ සියල්ලන්ම දැවී ලකුණු 205 ක් පමණි.

එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් ලබා ගත්තේය.

පළමු ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක ට ලකුණු 610 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට දෙවනියට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඉන්දීය පිළ වෙනුවෙන් නායක වීරත් කෝලි ලකුණු 213 ක් ද චේතශ්වර් පුජාරා ලකුණු 143 ක් ද මුරලි විජේ ලකුණු 128 ක් ද ලබා ගත්තේය.

කෙසේනමුත්, ශ්‍රී ලංකා පිළේ දෙවැනි ඉනිම ලකුණු 166 කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා පිළේ දෙවැනි ඉනිම වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කරනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් වන අතර එය ලකුණු 61 කි.

සුරංග ලක්මාල් නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තේය.

ඉන්දීය පිළ වෙනුවෙන් රවිචන්ද්‍ර අශ්වින් කඩුලු 4 ක්ද ඉශාන් ශර්මා, උමේෂ් යාදෙව් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින්ද බිඳ හෙළීය.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය නායක විරාත් කෝලි හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය එළඹෙන දෙසැම්බර් 02 වන දින නව දිල්ලි නුවරදී ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now