සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය අද (12/08) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ විය.
එහිදී කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව පළමු දිනය අවසාන වන විට ඉන්දියාව කඩුලු 6 කට ලකුණු 329 ක් රැස් කරගෙන සිටියි.
සාර්ථක ආරම්භයක් ඉන්දියාවට ලබා දුන් ආරම්භක පිතිකරු යුගල වන ශීකර් ධවාන් සහ ලෝකේශ් රාහුල් පළමු කඩුල්ල සඳහා ලකුණු 188 ක විශිෂ්ඨ සම්බන්ධයක් ගොඩ නැගීය.
පළමු කඩුල්ල ලෙස ලෝකේශ් රාහුල් ලකුණු 85 කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස ශීකර් ධවාන් ලකුණු 119 කට දැවී ගියේය.
නායක විරාත් කෝලි ලකුණු 42 යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මලින්ද පුෂ්පකුමාර කඩුලු 3 ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් බිඳ හෙළීය.
මේ වන විට පැවැත්වූ ටෙස්ට් තරග 2 කම ඉන්දියාව ජයගෙන සිටීමෙන් මේ වන විටත් ටෙස්ට් තරගාවලිය ඉන්දියාව විසින් ජය ගෙන තිබේ.
පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන ද හේරත් මෙම තරගය සඳහා සහභාගී නොවෙයි.

