SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගය : ඉන්දියාව ටෙස්ට් තරගාවලියම 3-0 ක් ලෙස ජයගනී.

SL vs India 3rd Test Match : India whitewash  Sri Lanka as 3-0.
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු තුන්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ඉන්දියාව සමස්ත තරගාවලියම 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

තරගයේ තුන්වන දිනය ක්‍රියාත්මක වන අද (14/08) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 181 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් හට හැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම සියල්ලන්ම දැවී ලකුණු  135 කට සීමා විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකණු ප්‍රමාණයක් ලබා ගත්තේ නායක දිනේෂ් චන්දිමාල් වන අතර එය ලකුණු 48 කි.

පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 487 ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් හර්දික් පාන්ඩ්යේ ලකුණු 108 ක්ද  ශීකර් ධවාන් ලකුණු 119 ක්ද  ලෝකේශ් රාහුල් ලකුණු 85 ක්ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් කඩුලු 5ක් බිඳ හෙළීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now