SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව නැවතත් අසරණ වෙයි.

SL vs India 3rd Test Match
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා සිටියි.

දැවී ගිය ක්‍රීඩකයා වන්නේ උපුල් තරංගය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම සියල්ලන්ම දැවී ලකුණු  135 කට සීමා විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකණු ප්‍රමාණයක් ලබා ගත්තේ නායක දිනේෂ් චන්දිමාල් වන අතර එය ලකුණු 48 කි.

පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 487 ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් හර්දික් පාන්ඩ්යේ ලකුණු 108 ක්ද  ශීකර් ධවාන් ලකුණු 119 ක්ද  ලෝකේශ් රාහුල් ලකුණු 85 ක්ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් කඩුලු 5ක් බිඳ හෙළීය.

මේ වන විට ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ඉන්දියාවට වඩා කඩුලු 9 ක් අතැතිව ලකුණු 333 ක් පිටුපසින් සිටියි.

හෙට (14/08) තරගයේ තුන්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now