ඉන්දු - ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගය : තරග 2 ක පරාජයකින් පසුව ශ්‍රී ලංකාව ඉන්දියාව තුන්වන වරට මුණගැසෙයි.

SL vs India 3rd Test Match

Source: espncricinfo

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය හෙට (12/08) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වේ.

මේ වන විට පැවැත්වූ ටෙස්ට් තරග 2 කම ඉන්දියාව ජයගෙන සිටීමෙන් මේ වන විටත් ටෙස්ට් තරගාවලිය ඉන්දියාව විසින් ජය ගෙන තිබේ.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන ද හේරත් අද තරගය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.

එමෙන්ම දෙවැනි තරගයේදී පාදයේ ආබාධයකට  ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද අද තරගය සඳහා සහභාගී නොවෙයි.

ඒ වෙනුවට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. 


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now