SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා සිව්වන එක් දින තරගය : ඉන්දියාවට ලකුණු 168 ක ජයක්.

SL vs India 4th ODI : India won by 168 runs.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින තරගාවලිය යටතේ ඊයේ (31/08) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති සිව්වන එක් දින තරගයෙන් ලකුණු 168 ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන් කඩුලු 5 කට ලකුණු 375 ක් රැස් කළේය.

නායක විරාත් කෝලි ලකුණු 131 ක්ද රෝහිත් ශර්මා ලකුණු 104 ක්ද රැස් කළ අතර මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 50 ක්ද මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 49 ක්ද රැස් කළේය.

ජයග්‍රාහී ලකුණු 376 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට පන්දුවාර 42 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 207 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 70 ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය නායක විරාත් කෝලි හට හිමි විය.

මේ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලියේ 4-0 ක් ලෙස තරගාවලිය ජයගනිමින් ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now