ඉන්දු - ශ්‍රී ලංකා සිව්වන එක් දින තරගය : ශ්‍රී ලංකාව ලෝක කුසාලන සුදුසුකම් සිහිනය අභියස.

SL vs India 4th ODI

Source: PTI

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින තරගාවලියේ සිව්වන තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (31/08) රාත්‍රී 7 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට පැවති තරග 3ම ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග ඉන්දියාව තරගාවලිය ජයගෙන ඇති නමුත් 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් තේරීපත්වීමට නම් ශ්‍රී ලංකාව සෙසු තරග දෙකම ජය ගත යුතුය.

ශ්‍රී ලංකා එක් දින නිත්‍ය නායක උපුල් තරංග හට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් 3 වන සහ 4 වන තරග දෙකෙහි නායකත්වය චාමර කපුගෙදරට පැවරූ නමුත් ඔහුව ආබාධයකට ලක්වීම නිසා අද තරගයට සහභාගී නොවෙයි.

ඒ අනුව අද තරගයේ ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කරනුයේ ලසිත් මාලිංගය.

මේ අතර අද තරගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය පවසයි.

මෙම පිරිස අතර කැරලි මර්දන කණ්ඩායම් ද සිටින බව ද සඳහන්.

මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේ දී  ප්‍රේක්ෂකයින්  පිරිසක්  විරෝධය දක්වමින්  ක‍්‍රීඩාංගනය වෙත බෝතල් ප‍්‍රහාර එල්ල කර නොසන්සුන්කාරි ලෙස හැසිරුණූ අතර එවැනි තත්ත්වයක් වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බව පොලිස් මුලස්ථානය පවසා සිටියේය.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now