SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පස්වන එක් දින තරගය : කඩුලු 6 ක ජයක් සමගින් තරගාවලියම 5-0 ක් ලෙස ඉන්දියාව ජයගනී.

SL vs India 5th ODI : India whitewash Sri Lanka.
Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ එක් දින තරගාවලියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ (03/09) පැවති පස්වන තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමටද ඉන්දියාව සමත් වුයේය.

ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලකුණු 238 ක් රැස් කරගත්තේය.

ලහිරු තිරමාන්න 67 ක්ද ඇන්ජලෝ මැතිව්ස් 55 ක්ද නායක උපුල් තරංග ලකුණු 48 ක්ද ලබා ගත්තේය.

ඉන්දීය පිළේ බුවනේෂ් කුමාර් ලකුණු 42 කට ශ්‍රී ලංකා පිළේ කඩුලු 5 ක් බිඳ හෙළීය.

ජයග්‍රාහී ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිළ පන්දුවාර 46 යි පන්දු 3 කදී කඩුලු 4 ක් දැවී ජය තහවුරු කරගත්තේය.

ඉන්දීය පිළ වෙනුවෙන් නායක විරාත් කෝලි නොදැවී ලකුණු 110 ක් ලබාගත් අතර කේදර් ජාදෙව් ලකුණු 63 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය පිළේ බුවනේෂ් කුමාර් හට හිමවූ අතර තරගාවලියේ වීරයා සම්මානය ජස්ප්‍රිත් බුම්රා හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now