SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගාවලිය : රංගන ගේ ලෝක වාර්තාවෙන් පිහිටෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි.

SL vs Pak 1st Test
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 21 ක තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අවසාන මොහොතේ සමත් විය.

තරගයෙන් ජයග්‍රහණය කිරීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අවසාන දිනයේදී ලකුණු 136 ක ඉලක්කයක් හඹා යාමට සිදු විය.

කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා පාකිස්තාන කණ්ඩායම ලකුණු 114 කට සියල්ලන්ම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

රංගන හේරත් දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 419 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155 ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 93ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක් ද ලබා ගැනීමට සමත් විය.

ඊට පිළිතුරු ලෙස පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 422 ක් ලබා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් අසාර් අලි ලකුණු 85 ක්ද හරිස් සොහෙල් ලකුණු 76 ක්ද ශාන් මසූඩ් ලකුණු 59 ක්ද සාමි අස්ලම් ලකුණු 51 ක්ද ලබා ගත්තේය.

දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව ලකුණු 138 කට සීමා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

නමුත් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 21 කින් තරගය ජය ගත්තේය.

මෙහිදී රංගන හේරත් ටෙස්ට් කඩුලු 400 සීමාවට ලඟා වූ අතර එම දස්කම පෑ ලොව පළමු පා දඟ පන්දු යවන්නා ලෙසද ඔහු වාර්තා පොතට එක් විය.

තරගයේ වීරයා සම්මානයද රංගන හේරත්ට හිමි විය.

මේ අනුව ටෙස්ට් තරග 2 කින් සමන්විත මෙම තරගාවලියේ 1-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now