SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය - පාකිස්තානයෙන් හොඳ පිළිතුරක්.

SL vs Pak 1st Test
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට පාක්සිතානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 266 ක් රැස් කරගෙන සිටියි.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අසාර් අලි නොදැවී ලකුණු 74 ක් ලබා සිටින අතර ශාන් මසූඩ් ලකුණු 59 ක්ද සාමි අස්ලම් ලකුණු 51 ක්ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 419 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155 ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 93ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක් ද ලබා ගැනීමට සමත් විය.

අද (01/10) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now