ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අරඹයි.

SL vs Pak 1st Test

Source: AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (01/10) අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 69 ක් රැස් කරගෙන සිටියි.

කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 2 ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 422 ක් ලබා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් අසාර් අලි ලකුණු 85 ක්ද හරිස් සොහෙල් ලකුණු 76 ක්ද ශාන් මසූඩ් ලකුණු 59 ක්ද සාමි අස්ලම් ලකුණු 51 ක්ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 419 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155 ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 93ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක් ද ලබා ගැනීමට සමත් විය.

අද (02/10) තරගයේ පස්වන හෙවත් අවසාන දිනය වේ.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now