සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබි හි දී ඊයේ (28/09) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 227 ක් ලබා සිටියි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 93 ක්ද නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 60 ක්ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42 ක්ද ලබා සිටියි.
අද (29/09) තරගයේ දෙවැනි දිනය වේ.