SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු 2 වන එක් දින තරගය : ලංකාව නොකඩවා 9 වන පරාජයත් අත් දකියි.

SL vs Pak 2nd ODI
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවති දෙවැනි එක් දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් රැස් කර ගත්තේය.

එහිදී බාබර් අසාම් අගනා ලකුණු 101 ක්ද ශාඩබ් ඛාන් නොදැවී ලකුණු 52 ක් ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු ගමගේ කඩුලු 4 ක්ද තිසර පෙරේරා කඩුලු 2 ක් ද ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 220 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 187 ක් පමණි.

එහිදී  නායක උපුල් තරංග නොදැවී ලකුණු 112 ක් ලබා ගත් නමුත් සෙසු ක්‍රීඩකයින් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා  ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 187 කට සීමා විය.

මේ තරගයේ  පරාජයත් සමග මේ වන විට ශ්‍රී ලංකාව නොකඩවා එක් දින තරග 9 ක් පරාජයට පත්ව ඇත.

ශාඩබ් ඛාන් තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය.

මේ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලියේ පළමු තරග 2 කම ජයගැනීමෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම 2-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now