SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගය : පාකිස්තානය සටන අත් නොහරියි.

SL vs Pak 2nd Test
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා අසීරු අවස්තාවක සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 482 ක් ලබා ගත්තේය.

එහිදී දිමුත් කරුණාරත්න අගනා ලකුණු 196 ක් ලබා ගත් අතර එය දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලබා ගත් ප්‍රථම ශතකය ලෙසද වාර්තා පොතට එක් විය.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 58 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 52 ක්ද ලබා ගත්තේය.

පළමු ඉනිම ඇරඹු පාකිස්තානු කණ්ඩායම ලකුණු 262  කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින්ද සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ කඩුලු 2 බැගින්ද ලබා ගත්තේය.

මේ වන විට ශ්‍රී ලංකාව පාකිස්ථානයට වඩා කඩුලු 5 ක් අතැතිව ලකුණු 254 ක් ඉදිරියෙන් සිටියි.

අද (09/10) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now