SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගය : දිල්රුවන්ගේ පන්දුව ලංකාවට ජය කැඳවයි.

SL vs Pak 2nd Test
Source: Sri Lanka Cricket

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 68 ක ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10/10) සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 482 ක් ලබා ගත්තේය.

එහිදී දිමුත් කරුණාරත්න අගනා ලකුණු 196 ක් ලබා ගත් අතර එය දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලබා ගත් ප්‍රථම ශතකය ලෙසද වාර්තා පොතට එක් විය.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 58 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 52 ක්ද ලබා ගත්තේය.

පළමු ඉනිම ඇරඹු පාකිස්තානු කණ්ඩායම ලකුණු 262  කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින්ද සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ කඩුලු 2 බැගින්ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 96 ක් පමණි.

ඒ අනුව  ලකුණු 316 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පාකිස්තාන කණ්ඩායමට සිදුවූ අතර ඔවුන්ව ලකුණු 248 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණි.

එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 98 කට කඩුලු 5 ක් දවා ගනිමින් ගිලිහෙමින් තිබූ ශ්‍රී ලංකා ජයග්‍රහණය නැවත අත්කර දුන්න්නේය.

තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මාන දිමුත් කරුණාරත්න හට හිමි විය.

ඒ අනුව ටෙස්ට් තරග 2 කින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස ජය අත්පත් කරගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now