SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු 5 වන එක් දින තරගය : ශ්‍රී ලංකාවට 5-0 කින් පරාජය වේ.

SL vs Pak ODI series
Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (23/10) පැවති පස්වන එක් දින තරගයෙන් කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලිය 5-0 ක් ලෙස පාකිස්තාන කණ්ඩායම ජය ගත්තේය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 26 යි පන්දු දෙකක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 103 ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ තිසර පෙරේරා  වන අතර එය ලකුණු 25 කි.

පාකිස්තානය වෙනුවෙන් උස්මාන් ඛාන්  ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 104 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිළ පන්දුවාර 20 යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

තරගයේ වීරයා සම්මානය  උස්මාන් ඛාන් හට  හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය හසන් අලී හට හිමි විය.

ශ්‍රී ලංකාව මෙලෙස පාකිස්තානය ට සමස්ත එක් දින තරගාවලියක් පරාජයට පත්වුයේ වසර 32 කට පසුවීමද විශේෂත්වයකි.

මේ තරගයේ  පරාජයත් සමග මේ වන විට ශ්‍රී ලංකාව නොකඩවා එක් දින තරග 12 ක් පරාජයට පත්ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now