SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු 2 වන එක් දින තරගය : පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව එක් දින තරගවලිය ජය ගනී.

SL vs Pak 3rd ODI
Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (18/10) පැවති තුන්වන එක් දින තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 48 යි පන්දු දෙකක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 208 ක් රැස් කර ගත්තේය.

එහිදී නායක උපුල් තරංග ලකුණු 61 ක් ලබා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් හසන් අලි ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 209 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිළ පන්දුවාර 42 යි පන්දු තුනක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල් හක් ලකුණු 100 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ද ඉමාම් උල් හක් හට හිමි විය.

මේ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලියේ පළමු තරග 3 ම ජයගැනීමෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම 3-0 ක් ලෙස තරගාවලියේ ජය සටහන් කරගෙන සිටියි.

මේ තරගයේ  පරාජයත් සමග මේ වන විට ශ්‍රී ලංකාව නොකඩවා එක් දින තරග 10 ක් පරාජයට පත්ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now