ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට.

Sri Lanka Flood & Mudslide

Source: SLAF Media

අයහපත් කාලගුණ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සිදුව ඇති නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

ගංවතුර හේතුවෙන් ඉහළම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 77 කි.

මේ වන විට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 153,303 ට අයත් පුද්ගලයින් 588,082 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ජල ගැලීමෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට බෙදා දීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ශාඛාවලින් සහ තොග ගබඩාවලින් හිඟයකින් තොරව නොමිලේ ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම භාණ්ඩ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පහසු කිරීම සඳහා බව ද අමාත්‍යවරයා විසින් අද නිවේදනය කර තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කයේ සියලුම පාසල් සිකුරාදා දිනය වන තෙක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පවත්නා ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ (29/05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now