SKIP TO MAIN CONTENT

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න අරවින්ද, මහානාම, බ්‍රෙන්ඩන් සහ මහේල කරළියට ?

SLC looks to get Aravinda, Mahanama, Brendan and Mahela on board
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා වන අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, ග්‍රෑම් ලැබ්රෝයි, ඉන්දික ද සේරම් සහ මහේල ජයවර්ධන යන උදවිය මෙලෙස සම්බන්ධ කරගැනීමට සූදනම් වන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද හට ප්‍රධාන ක්‍රිකට් උපදේශක තනතුර ලබා දීමට සූදානම් බවත් රොෂාන් මහානාම ප්‍රමුඛ බ්‍රෙන්ඩන් කුරුප්පු, ග්‍රෑම් ලැබ්රෝයි, ඉන්දික ද සේරම් ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා යෝජනා කිරීමටත් අදහස් කර ඇතැයි වාර්තා වේ.

මහේල ජයවර්ධන ටද ක්‍රිකට් උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා ආරාධනා කිරීමට සැරසෙන බව සඳහන්.

කුමාර් සංගක්කාර තවමත් විදේශ රටවල ක්‍රිකට් ක්‍රීඩා කරන බැවින් ඔහු පිළිබඳ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව නැතැයිද පැවසේ.

සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉකුත් සැප්තැම්බර් 07 වන දින සිය ධුර වලින් ඉල්ලා අස්වීමත් සමග ක්‍රිකට් තේරීම් කමිටුව පුරප්පාඩු වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now