SKIP TO MAIN CONTENT

හතුරුසිංහට මසකට ලක්ෂ 38 ක් ගෙවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්?

SLC will go to pay Rs. 38 lakhs to Hathurusingha ?
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු තනතුරට චන්දික හතුරුසිංහ පත් කරගැනීමට නියමිත බව මේ වන විට ක්‍රිකට් ලොවෙහි අධික වේගයෙන් පැතිර යන පුවතකි.

එමෙන්ම ඔහුට ඒ සඳහා මසකට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 38ක පමණ වැටුපක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවට තවත් පුවතක් වාර්තා වේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර පුහුණු කරු තනතුර සම්බන්ධයෙන් චන්දික හතරුසිංහ සමඟ සාකච්ඡා කළ නමුත් ඔහුට ගෙවන වැටුප පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු තනතුරට ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩකයින් තිදෙනෙකු වන Dean Jones, Jason Gillespie සහ Andrew McDonald යන උදවියද කැමැත්ත පළ කර තිබූ බව පසුගිය සතියේදී වාර්තා විය.

කෙසේවෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර පුහුණු කරු තනතුරේ කටයුතු කළ හතුරුසිංහ මහතා පසුගිය සතියේදී ක්ෂණිකව ඉල්ලා අස්වීම මත ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු තනතුරට පැමිණේවි යයි බොහෝ දෙනා විශ්වාසයෙන් සිටියි.

Sunday Times ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now