SKIP TO MAIN CONTENT

පොහොට්ටු - පුටු අර්බුදය විසඳේ : ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

SLFP_SLPP
SLFP_SLPP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

මෙම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර තිබේ . එහි සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නියෝජ්‍ය සභාපති ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පත් කරනු ලැබ ඇත. උප සභාපතිවරුන් ලෙස තිස්ත විතාරන, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඩිවු ගුණසේකර යන මහත්වරුන් නම් කර ඇත.

මෙම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙහි ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද නියෝජ්‍ය ලේකම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාද උප ලේකම්වරු ලෙසට පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ දේශවිමුක්ති මහජන පක්ෂයේ මහලේඛම් ඩී කලන්සුරිය යන අයවලුන් පත්කොට තිබේ.

එමෙන්ම ජාතික සංවිධායකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන් නම් කර ඇත. නව සංධානයේ භාණ්ඩාගාරික තනතුරට පත්කොට ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතායි.

මෙම නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය ලෙසට හොට්ටුව ලකුණ භාවිත කිරීමට තීරණය කොට ඇත.

මෙම නව සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා වන ලියකියවිලි ඊයේ දිනයේදී (17 Feb)මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now