ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුව සඳහා ඊයේ පැවැත්වූ මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින් මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත් කරගෙන සිටී.
ඡන්ද 2,771,984 ක් ලබා සමගි ජන බලවේගය දෙවැනි ස්ථානයටත් ඡන්ද 445,958 ක් ලබා ජාතික ජන බලවේගය තුන්වන ස්ථානයටත් පත්ව තිබේ.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 327,168 ක් ලබාගෙන සිව්වන ස්ථානයට පත්ව ඇත.
ඡන්ද 249,435 ක් පමණක් ලබා එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් අත් කරගෙන සිටී.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර සමග ආසන ගණන සමග 2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂය ලබා ඇති ආසන සංඛ්‍යාව පහතින් දැක්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 128 + 17 = 145
සමගි ජන බලවේගය - 47 + 07 = 54
ඉලංගෙයි තමිල් අරසු කච්චි - 09 +01 = 10
ජාතික ජන බලවේගය - 02 + 01 = 03
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය - 02
අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් - 01 + 01 = 02
ජාතික කොංග්‍රසය - 01
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 01
තමිල් මක්කල් තේසීය කූට්ටනි - 01
තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් - 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් - 01
අහිල් ඉලංගෙයි මක්කල් කොංග්‍රස් 01
මුස්ලිම් ජාතික සන්ධානය 01
අපේ ජන බල පක්ෂය - 01
එක්සත් ජාතික පක්ෂය - 01


