SKIP TO MAIN CONTENT

තම දඩුවමට එරෙහිව අභියාචනා නොකරණ බව ස්මිත්, බැන්ක්රෝෆ්ට් සහ වෝර්නර් පවසයි (SBS සිංහල / වාර්තා)

Steve Smith, David Warner and Cameron Bancroft.
Steve Smith, David Warner and Cameron Bancroft. Source: AAP

2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය මගින් පනවා ඇති මාස 12ක  ක්‍රිකට් තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ස්ටීව් ස්මිත් සහ  කැමරන් බැන්ක්රෝෆ්ට් බලාපොරොත්තු නොවන බව ඔවුන් Twitter සමාජ ජාලය  ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

තමන් අදාල පන්දුව පලුදු කිරීමේ සිද්ධිය පිලිබදව සම්පුර්ණ වගකීම භාරගන්නා  බවත්, තමන්ට පනවා ඇති ක්‍රිකට් තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ස්ටීව් ස්මිත් වැඩි දුරටත් සදහන් කර තිබේ. ක්‍රිකට් ඕස්ට්‍රේලියා  මගින් පනවා ඇති තහනම මගින් පණිවිඩයක් ලබාදීමට උත්සාහ  කරන බවත්, ඒ නිසා තමන් එය පිළිගන්නා  බවත් ඔහු වැඩි දුරටත් සදහන්  කරයි.

පන්දුව පලුදු කිරීම සිදු කල  කැමරන් බැන්ක්රෝෆ්ට්ද Twitter සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ, අදාල තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තමන්ද බලාපොරොත්තු නොවන බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු ජනතාවගේ විශ්වාශය දිනා  ගැනීමට හැකි සෑම  පියවරක්ම තමන් ගන්නා  බවද ඔහු මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  මගින් පනවා ඇති මේ තහනමට අනුව ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝර්නර් හට මාස  12ක  ක්‍රිකට් තහනමක්ද කැමරන් බැන්ක්රෝෆ්ට් හට මස 9ක  ක්‍රිකට් තහනමකටද මුහුණ දීමට සිදුව තිබේ.

මේ අතර ඩේවිඩ් වෝර්නර්ද අදාල මාස  12ක  දඩුවම පිළිගන්නා  බවත්, තම ක්‍රියාකලාපය පිලිබදව සමාව  ඇයද  සිටින බවත් Twitter පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ . ඉදිරියේදී යහපත් පුද්ගලයෙකු බවට පත් වෙමින් ආදර්ශමත් පුද්ගලයෙකු වීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

මෙම තහනම පිලිබදව මෙම ක්‍රීඩකයින් තිදෙනාගේ ස්ථාවරය ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙත අප්‍රේල් 11දාට  පෙර දැනුම් දෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබු බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now