SKIP TO MAIN CONTENT

කැන්ගරුවන්ගේ දරුණු පරාජ හමුවේ නායක ස්ටිවන් ස්මිත් යළි ඔස්ට්‍රේලියාවට කැඳවයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු පිළේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කර නායක ස්ටිවන් ස්මිත් හට විවේක ගැනීමට අවස්තාවක් උදා කර දීමට මෙම තීරණය ගත් බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සිට නැවතත් ඔස්ට්‍රේලියාව බලා පැමිණි ස්ටිවන් ස්මිත් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩා නොකර සිටීම තමාට අපහසු ක්‍රියාවක් නමුත් දිගු කාලීනව මෙම තීරණයෙන් සුබ ප්‍රතිපල ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

Steve Smith
Australia's Steve Smith Source: AP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AFP



Skip to article content

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 82 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (24/08) රාත්‍රී සමත්වීමත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම් නායකත්වය ඩේවිඩ් වෝනර්ට පවරා තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාව තරග වදින ඉදිරි එක් දින තරග 3දි මෙන්ම 20-20 තරග දෙකේදී ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ඔස්ට්‍රේලියානු පිළේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කර නායක ස්ටිවන් ස්මිත් හට විවේක ගැනීමට අවස්තාවක් උදා කර දීමට මෙම තීරණය ගත් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සිට නැවතත් ඔස්ට්‍රේලියාව බලා පැමිණි ස්ටිවන් ස්මිත් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩා නොකර සිටීම තමාට අපහසු ක්‍රියාවක් නමුත්  දිගු කාලීනව මෙම තීරණයෙන් සුබ ප්‍රතිපල ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති රොඩ් මාෂ් පැවසුවේ ඉදිරි මාස 12 ඇතුලත ඔස්ට්‍රේලියානු කණ්ඩායමට බොහෝ තරගවලට සහභාගී වීමට තිබෙන නිසා ස්ටිවන් ස්මිත් හට කෙටි විවේකයක් අවශ්‍ය බවයි.  ශ්‍රී ලංකාවට තරග පරාජය වීමට පෙරාතුවම මෙම තීරණය ගෙන සිටි බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ඊට අමතරව ඩේවිඩ් වෝනර් හට මෙම තීරණය කදිම අවස්ථාවක් සලසා තිබෙන බවත් එය ඔහුට හොඳ අත්දැකීමක් වනු ඇති බවත් රොඩ් මාෂ් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසු වන අතර දෙරට අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගය ලබන ඉරිදා (28/08) රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු පිළේ දකුණු අප්‍රිකානු සංචාරය එළඹෙන සැප්තැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිතය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now