SKIP TO MAIN CONTENT

පැත්තක ලැව්ගිනි පැත්තක හිම : ඔස්ට්‍රේලියාවට අමුතු ග්‍රීෂ්ම ඍතුවක්

Bushfire and snowing
Avustralya'nın güneydoğusunda bazı yerler sıcaktan ve orman yangınlarıyla kavrulurken, bazı yerlere de kar yağıyor. Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි 121 ක් මේවන දැවෙමින් පවතින අතර ඉන් 50 ක් පමණ තවමත් පාලනය කර නොමැති බව වාර්තා වේ.

අද වන විට (3Dec) ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ සඳහා ඉතා ඉහළ ගිනි අවදානම්ක් පවතින බවට තක්සේරු කොට ඇති අතර ඒ පිලිබඳ අවධානයෙන් පසුවන ලෙසට ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මෙම ලැව්ගිනි වලින් නඟින දුමාරය හේතුවෙන් සිඩ්නි නගරය සහ ආශ්‍රිත ප්‍රදේශ වල වාතයේ ගුණාත්මක භාවය දුර්වල වී ඇති බවද සඳහන්. ඊයේ දිනයේදී (2 Dec)සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටම් කරා ළඟා වී ඇත.

මේ අතර ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල කඳුකර ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ දිනයේදී (2 Dec)හිම පතනයක් සිදුව තිබේ. ග්‍රීෂ්ම ඍතුව ආරම්භයේදී මෙවැන්නක් වාර්තාවීම අසාමාන්‍ය සිදුවීමක් බව පාරිසරික විද්වතුන් පවසති.

මෙලෙස හිම පතනය සිදුවුණු කඳුකර ප්‍රදේශ ලෙසට වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Hotham සහ Mount Buller යන කඳුකර ප්‍රදේශ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෙරිෂර් කඳු පන්ති ආශ්‍රිතව සහ තස්මේනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශද වන බව වාර්තා වේ.

ඒ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ හිම පතනය සිදුවුණු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 3න දක්වා පහත බැස තිබුණු බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now