SKIP TO MAIN CONTENT

සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් මිය ගණන 231 දක්වා ඉහළට.

Mogadishu truck bomb
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

සෝමාලියාවේ අගනුවර වන Mogadishu ප්‍රදේශයේදී ඊයේ (15/10) සිදුවූ බෝම්බ පිපිරීමෙන් 231 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බෝම්බ සවිකළ ට්‍රක් රථයක් Mogadishu  හි ජනාකීර්ණ ස්ථානයකදී පුපුරුවා හැරීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව සෝමාලියානු පොලීසිය වාර්තා කරයි.

සිද්ධියෙන් තවත් 275 දෙනෙකු පමණ  තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වසර 2007 සෝමාලියාවේ ආරම්භ වූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ කැරැල්ලෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවද වාර්තා වේ.

මෙම ප්‍රහාරයත් සමඟ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට සෝමාලියා ජනාධිපති මොහමෙද් අබ්දුල්ලාහි ෆාර්මාජෝ කටයුතු කර තිබිණි.

බෝම්බ සහිත ට්‍රක් රථය පුපුරා ගොස් ඇත්තේ අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදී බව සඳහන්.

ඒ ආසන්නයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල, ආපන ශාලා, හෝටල් ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගොඩනැගිලි රැසක් පිහිටා තිබෙන අතර ප්‍රහාරයෙන් වාහන රැසකටද හානි සිදුව තිබේ.

ඉන් පැය දෙකකට පසු සෝමාලියාවේ මදිනා දිස්ත්‍රික්කයේ අගනුවරට ද ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now