SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව 120ට සියල්ලන් දැවී යයි. දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්.

රංගන හේරත් දකුණු අප්‍රිකානු තරගයෙන් පසුව 20-20 ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට පැතිර යන ආරංචි පිලිබදව තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීමාධ්‍ය වේදියෙකු නැගු පැනයකට පිළිතුරු දුන් ජෙෆ්රි වැන්ඩර්සේ ප්‍රකාශ කලේ ඒ පිලිබදව තමනටත් ආරංචි වී ඇතත් ස්ථිර වශයෙන් යමක් ප්‍රකාශ කල නොහැකි බවයි.

South Africa's Hashim Amla (R) raises his bat after his half century during the World T20 cricket tournament match between South Africa and Sri Lanka
South Africa's Hashim Amla (R) raises his bat after his half century during the World T20 cricket tournament match between South Africa and Sri Lanka Source: Getty Images

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ඊයේ ඉන්දියාවේ නවදිල්ලි හිදී තරග වැදිණි. තරගාවලියේ super  10 වටය යටතේ, පැවති මෙම තරගයට සහභාගී වූ කණ්ඩායම් දෙකම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට අසමත් වී තිබීම විශේෂ සිදුවීමක්.  මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකාවට ලබා දුන් අතර ශ්‍රී ලංකාවට එහිදී පන්දුවාර 19 කුත් පන්දු 3කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 120ක් පමණි.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල දකුණු අප්‍රිකානු පිති කරුවන් පන්දුවාර 17 කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු  2ක් පමණක් දැවී ලකුණු 122ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කරගන්නට සමත් විය. හෂීම් අම්ලා නොදැවී ලකුණු 56ක් වාර්තා කල අතර, AB  ඩිවිලියර්ස් නොදැවී ලකුණු 20 ක් වාර්තා කරන්නට සමත් විය.

මෙම තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දුයවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සදහන් කලේ තමන්ගේ පුද්ගලික දස්කම් පිලිබදව තමන්ට සතුටුවිය හැකි නමුත්, සමස්තයක් වශයෙන් කණ්ඩායම පරාජයට පත් වීම පිලිබදව කනස්සල්ලට පත් වන බවයි. රංගන හේරත් දකුණු අප්‍රිකානු  තරගයෙන් පසුව 20-20 ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා  බවට පැතිර යන ආරංචි පිලිබදව මාධ්‍ය වේදියෙකු නැගු පැනයකට පිළිතුරු දුන්  වැන්ඩර්සේ ප්‍රකාශ කලේ ඒ පිලිබදව තමනටත් ආරංචි වී ඇතත් ස්ථිර වශයෙන් යමක් ප්‍රකාශ කල නොහැකි බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now