ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන එක් දින තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක දැවැන්ත ජයක්.

South Africa grabbed the 2nd win

Source: espncricinfo

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලිය යටතේ ඊයේ (01/02) පැවැත්වුණු දෙවන තරඟයෙන් ලකුණු 121 ක දැවැන්ත ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු කණ්ඩායම ට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී  කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් රැස් කර ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Faf du Plessis  ලකුණු 105 ක් ලබා ගත් අතර David Miller නොදැවී ලකණු 114 ක් ලබා ගැනීමට සමත් විය.

ජයග්‍රාහී ලකුණු 308 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා  කණ්ඩායම පන්දුවාර 37 යි පන්දු 5 කදී සියලු දෙනාම දැවී රැස් කරගත්තේ ලකුණු 186 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ Faf du Plessis හට හිමි විය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 3න් වන එක්දින තරඟය මෙම 4 වන සෙනසුරාදා ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගනයේදී එරට වේලාවෙන් ප.ව. 1.30ට එනම් ඕස්ට්‍රේලියානු වේලාවෙන් එදිනම රාත්‍රී 10.30 ට සහ ශ්‍රී ලංකා වේලාවෙන් එදිනම සවස 5 ට ආරම්භවීමට නියමිතයි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now