SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකානුවෝ දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157 කට සීමා කරති

South Africa restrict Sri Lanka to 157 in the first innings of the second Test
Source: Facebook/ Sri Lanka Cricket

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා පිළ සහ දකුණු අප්‍රිකානු පිළ අතර Johannesburg නුවරදී ඊයේ (03/01) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමවන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 148 ක් රැස් කරගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලකුණු 157 කට ඔවුහු සියල්ලෝම දැවී ගියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වූයේ ලකුණු 67 ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා ය.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Anrich Nortje ලකුණු 56 කට කඩුලු 6 ක් බිඳ හෙළීය.

පළමු ඉනිම ඇරැඹු දකුණු අප්‍රිකානු පිළේ ඊයේ බිඳ වැටුණු එකම කඩුල්ල ලබාගැනීමට මෙම ටෙස්ට් තරගයෙන් ටෙස්ට් වරම් හිමිකරගත් අසිත ප්‍රනාන්දු සමත් විය.

ඔහුට අමතරව මිනෝද් භානුක ද මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

අද (04/01) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now