දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව 5-0 ක් ලෙස පරදා එක් දින ශ්‍රේණිගත කිරීමේ අංක 1 ට පැමිණෙයි.

South Africa whitewash brings No. 1 ranking

Source: Reuters

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු එක් දින ජාත්‍යන්තර තරගාවලිය යටතේ ඊයේ (10/02) පැවැත්වුණු පස්වන හෙවත් අවසාන එක් දින තරගයෙන්  ලකුණු 88 ක ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 384ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන්  හෂීම් අම්ලා ලකුණු 154ක් ද Quinton de Kock ලකුණු 109 ක්ද Francois du Plessis ලකුණු 41 ද ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 385 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 296 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න නොදැවී ලකුණු 114 ක් ද සචිත් පතිරණ ලකුණු 56 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 39 ක්ද ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය Francois du Plessis හට හිමි විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය දකුණු අප්‍රිකාව විසින් 5-0 ක් ලෙස විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් එක් දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අංක එකේ ස්ථානයට පත්ව තිබේ.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now