SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යළි කල් දැමේ

South African cricket tour of Sri Lanka postponed again
South African cricket tour of Sri Lanka postponed again Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් සංචාර කල් දැමූ බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ Graeme Smith පැවසීය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පසුගිය ජුනි මාසයේදී එක් දින ජාත්‍යන්තර තරග 3ක් සහ 20-20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හමුවේ එම සංචාරය සැප්තැම්බර් මාසයට කල් දැමුණි.

මේ අතර මෙවර IPL තරගාවලිය සැප්තැම්බර් 19 වන දින ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා සංචාරය තවත් කල් දැමීමට සිදුවනු ඇතැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අතර කාලයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලි ද ක්‍රීඩා කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now