SKIP TO MAIN CONTENT

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයත් අද මධ්‍යම රාත්‍රියේ සිට දවස් 6ක් Lockdown. මෙන්න පැනවෙන නීති (SBS සිංහල / වාර්තා)

People are seen walking through Rundle Mall in Adelaide, Saturday, March 28, 2020  Rundle Mall is normally one of South Australia's busiest shopping districts. (AAP Image/David Mariuz) NO ARCHIVING
People walk through Rundle Mall in Adelaide. Source: AAP

2 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රන්තය තුල උද්ගතව ඇති කොරෝනා රැල්ල මැඩපැවැත්වීම සඳහා එම ප්‍රාන්ත බලධාරීන් ඉදිරි දින 6 සඳහා lockdown තත්වයකට යාමට තීරණය කොට තිබේ. සමස්ත දකුණු ඔස්ට්‍රේලියා ප්‍රන්තයටම ක්‍රියාත්මක වන මෙම lockdown තත්වය අද (18) රාත්‍රී 11.59 සිට ක්‍රියාත්මක කෙරේ.

ප්‍රාන්තය තුල මෙම පවතින තත්වය සඳහා ශක්තිමත්ව සහ කඩිනමින් ප්‍රතිචාර දක්වන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall සඳහන් කරයි.

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම දැඩි නීති හමුවේ නිවසින් පිටත ව්‍යායාම තහනම් කිරීම, පොදු ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීම සිදු වේ. විශ්ව විද්‍යාල, මත්පැන්හල්, ආපනශාලා සහ උසාවි වසා දැමෙන අතර අවදානමකට ලක්විය හැකි දරුවන් සහ අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන් සඳහා පමණක් පාසල් විවුර්තව පවතී. එමෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශ වලට සංචාරය කිරීම, මංගල උත්සව සහ අවමංගල්‍ය උත්සව කටයුතු තහනම් කරනු ලබන අතර වැඩිහිටි සත්කාර සහ ආබාධිත නේවාසික රැකවරණ මධ්‍යස්ථාන තාවකාලිකව ජනතාවට වසා දැමේ.

අද (18) රාත්‍රී 11.59 සිට දින 6ක් පුරා වසා දමන ස්ථාන:
  • අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන්ට හැර අනෙකුත් සියලුම සිසුන් සඳහා විශ්ව විද්‍යාල සහ පාසල් වසා දැමේ.
  • Pub, Cafe, උසාවි සහ coffee shops.
  • Takeaway food.
  • පිළිකා ප්‍රතිකාර හා හදිසි සැත්කම් හැර සෙසු තෝරා ගන්න ලද සැත්කම්.
  • විවෘත පරීක්ෂණ සහ වෙන්දේසි.
  • එළිමහන් ක්‍රීඩා සහ ශාරීරික ක්‍රියාකාරකම්.
  • ඉදිකිරීම් කර්මාන්තයේ වැඩකටයුතු. 
  • ආහාර සහ වෛද්‍ය නිෂ්පාදනාගාර හැර අනෙකුත් කර්මාන්තශාලා.
  • මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු.
බලාත්මක වන වෙනත් සීමාවන්:
  • නිවසින් පිටත ව්‍යායාම කිරීමට අවසර හිමි නොවේ.
  • නිවසින් පිටත සෑම ප්‍රදේශයකම මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු වේ.
  • සිල්ලර බඩු මිලදී ගැනීම සඳහා නිවසින් පිටවීමට අවසර ලැබෙන්නේ එක් පුද්ගලයෙකුට පමණි.
  • FIFO වැඩ දින හයක් සඳහා නතර කෙරේ
  • ප්‍රාදේශීය ප්‍රදේශයන්ට ගමන් කිරීම තහනම් වේ.
  • වැඩිහිටි සත්කාර සහ ආබාධිත නේවාසික රැකවරණ මධ්‍යස්ථාන වසාදැමේ.
  • Holiday homes බදු දීමට හෝ කුලියට ගැනීමට නොහැකි වේ.
විවෘතව පවතින ස්ථාන සහ දෑ:
  • සුපිරි වෙළඳසැල්.
  • වෛද්‍ය මධ්‍යස්ථාන.
  • Bottle shops.
  • පශු වෛද්‍ය මධ්‍යස්ථාන 
  • ඉන්ධන පිරවුම්හල්.
  • පොදු ප්‍රවාහනය සේවය.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා, පශු වෛද්‍ය සැත්කම් සහ end-of-life visits සඳහා අවසර දෙනු ලැබේ.

ඉදිරි දින 6ක කාලය තුල තම ගමන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත ප්‍රධාන සෞක්‍ය නිලධාරී මහාචාර්ය Nicola Spurrier ප්‍රාන්ත ජනතාවට සඳහන් කොට සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now