SKIP TO MAIN CONTENT

දකුණු ඕස්ට්‍රේලියා කොරෝනා පොකුරෙන් නව ආසාදිතයින් 17ක්

The South Australian government is imposing new restrictions from midnight because of a cluster in Adelaide of 17 COVID-19 cases
The South Australian government is imposing new restrictions from midnight because of a cluster in Adelaide of 17 COVID-19 cases Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

මෙම කොරෝනා පොකුර තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවධානමක් පවතින බව දකුණු ඕස්ට්‍රේලියානු සෞක්‍ය බලධාරීන් අනතුරු අඟවයි.දකුණු ඕස්ට්‍රේලියාවේ නිරෝධායන මධ්‍යස්ථාන සේවකයකු මාර්ගයෙන් එම පවුල් සාමාජිකයින්ට කොරෝනා අසාදනය වීම හේතුවෙන් මෙම නව සිදුවීම් වාර්තා වේ.

80 වියැති කාන්තාවක් පසුගිය සෙනසුරාදා ඇඩිලේඩ් හි "Lyell McEwin" රෝහලෙන් පරීක්ෂා සිදු කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනා ගැනින.ඉන් පසුව ඊයේ සිදු කල පරීක්ෂණ ඔස්සේ 50 වියැති කාන්තාවකට සහ 60 වියැති පිරිමි පුද්ගලයකු හටද කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් හට විශාල ලෙස ව්‍යාප්තව පවතින පවුල් තිබෙන අතර 80 වියැති කාන්තාව පරීක්ෂණය සඳහා ගිය රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ රෝගීන් 90 දෙනෙකු මේ වනවිට නොරෝධයනය අඳහා යොමුකෙරෙන බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය Nicola Spurrier පවසයි.

ආසාදිත එක් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතාවයක් පවතින සිසුවකු හඳුනාගැනීමෙන් අනතුරුව පිරිසිදු කිරීම් කටයුතු සඳහා උතුරු ඇඩිලේඩ් හි ප්‍රාථමික පාසලක් අද වසා දැමීමට තීරණය කොට තිබේ.

එමෙන්ම පූර්වාරක්ෂක පියවරක් ලෙස Mawson Lakes ප්‍රාථමික පාසල සහ පෙර පාසල වසා දමන බව රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්වය මත, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත දේශසීමා පාලන නීති පැනවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now