දකුණු ඕස්ට්‍රේලියාවේ නැවතත් කොරෝනා ආසාධන පැතිර යාම වැලක්වීමට ක්‍රියාත්මක කොට ඇතිනව නීති මෙසේයි (SBS සිංහල / වාර්තා)

ඊයේ දින එනම් නොවැම්බර් 16 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නව නීති මෙසේයි

Steven Marshall

Source: AAP

දකුණු ඕස්ට්‍රේලියානු අගමැති Steven Marshalල ප්‍රකාශ කොට ඇත්තේ අවන්හල්, pubs , ව්‍යායාම සිදු කිරීමේ ආයතන තුල පුද්ගල ඒකරාශී වීම් පිළිබද සීමා සති 2ක් වත් ක්‍රියාත්මක කරන බවයි.

එසේම ප්‍රාන්තයේ Corona පරීක්ෂණ සිදු කරන ස්ථාන දීර්ඝ වෙලාවක් විවෘත කර තබන අතර contact tracing ක්‍රමද ක්‍රියාත්මක වේ.අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ආසාධන පොකුර පාලනය සදහා හැකි සැම උත්සාහයක්ම කඩිනමින් ගන්නා බවයි.

නොවැම්බර් 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නීති 

  •  සති 2ක් ගත වන තුරු වත් gym , play cafe හා විනෝද වීමේ මධ්‍යස්ථාන වසා දැමේ 
  • ගෘහස්ත හා එළිමහන් ප්‍රජා ක්‍රීඩාවන් නවත්වනු ලබන අතර boot camp පැවැත්විය හැකිවේ.
  • වර්ග මීටර 4කට එක පුද්ගලයෙකු ලෙස අවමගුල් උත්සව  වලට 50 දෙනෙකුට පමණක් සහභාගී විය හැකි වේ 
  • වර්ග මීටර 4කට එක පුද්ගලයෙකු ලෙස දේවස්ථාන වල 100 දෙනෙකුටත් අවන්හල් සමාජ ශාලා අදියේත් 100 දෙනෙකුට රැස් විය හැකි වේ.
  • පෞද්ගලික ඒකරාශී වීම් ලියාපදිංචි ස්ථාන වල 50ක් වේ
  • නිවෙස් වල 10 දෙනෙකුට පමණක් එක් රැස් විය හැකිවේ
  • විවාහ උත්සව සදහා අමුත්තන් සංඛ්‍යාවේ වෙනසක් නැතත් , සියලු දෙනා පුර්ව  ලියාපදිංචි විය යුතුයි 
  • පාසල් විවෘතව තැබේ
  • නිවෙස් වල සිට රාජකාරී කල හැකි සියලු දෙනා එසේ කලයුතු බවත්, අවධානම් වැඩි පිරිස් නිවෙසට වී සිටිය යුතු බවත් අගමැතිවරයා පවසයි .
  • ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා සතියකට අත් හිටුවා ඇත.

ආසදන වේගයෙන් වැඩි වීම

පසුගිය ඉරිදා දිනයේ ප්‍රථමයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ ආසාධන 3ක් වාර්තා වූ අතර වයස අවු.80 ක කාන්තාවක් Lyell McEwin රෝහලට ගොස් covid 19 පරීක්ෂාව කර පසු මෙම ආසාධන හෙළි විය .

එම කාන්තාවගේ පවුලේ 50 හැවිරිදි කාන්තාවක් හා 60 හැවිරිදි පුද්ගලයෙකුද එසේ ආසාදීත බව හෙළි විය.

මෙයින් එක පුද්ගලයෙකු විදේශයන් සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය වන හෝටලයක සේවය කොට තිබේ.

මෙම තත්වය නිසා Mawson Lakes Primary School, Parafield Plaza වෙළද සල හා Port Adelaide Hungry Jack අවන්හලද වසා දැමීමට සිදු වී තිබේ . ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Nicola Spurrier පවසන්නේ තවම දත්ත නොමැති වුවත් මෙය නිරෝධායන  හෝටලයක් තුලින් ව්‍යාප්ත වූ බව ඇය සිතන බව.

80 හැවිරිදි කාන්තාව තනිව ජීවත් වන අතර ඇය ආසාධිත එක අයෙකුගේ මව වන අතර ඇය Parafield Plaza Supermarket වෙත ගොස් ඇති බවත්, ඇය පැමිණි රෝහල් කාර්ය මණ්ඩලය 90ක් දෙනා පමණද නිරෝදායනය සදහා යොමු කොට තිබේ.

මේ අතර තවත් වැඩිහිටි නිවාසයක සේවය කරන දෙදෙනෙකුද ආසාධන 17ට අයත් වන නිසා දකුණු ඕස්ට්‍රේලියානු නිරෝධායන රෝහල් වල සේවකයින්ට අනිවාර්යෙන් සැම සතියකට වරක්ම වයිරසය සදහා පරීක්ෂා කල යුතු බවට උපදෙස් දී තිබේ.

ප්‍රාන්ත 5ක් දකුණු ඔස්ට්‍රේලියාවට ප්‍රාන්ත සීමා නීති පනවයි  

ක්වීන්ස්ලන්තය, වික්ටෝරියා, ටැස්මේනියා , Northern Territory හා බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත දකුණු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නීති පනවා තිබේ.

ක්වීන්ස්ලන්ත අගමැති Annastacia Palaszczuk දකුණු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධානයන වෙත යොමු කොට කොරෝනා පරීක්ෂණ සිදු කරන බවට පවසා තිබේ.

එසේම වික්ටෝරියා ප්‍රාන්තය විසින් ද දකුණු ඔස්ට්‍රේලියාව කොරෝනා hotspot එකක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබේ. හැකි සැම උපකාරයක්ම දකුණු ඔස්ට්‍රේලියාවට ලබා දෙන බව අගමැති Daniel Andrews පවසා තිබේ.

නමුත් NSW තවමත් දකුණු ඔස්ට්‍රේලියාවට විවෘත වේ. ප්‍රාන්තය මෙම ආසාධන පාලනය කරනු ඇති බවට විශ්වාසයක් ඇති බවට NSW අගමැතිනිය ප්‍රකාශ කොට තිබේ.

එසේම අග්‍රාමාත්‍ය Scott Morrison ද පවසා ඇත්තේ වයිරසය තුරන් වී නොමැති බවත් මෙය අප සියලු දෙනාටම එය මතක් කර දෙන බවයි . මේ නිසා නත්තල වන විට ප්‍රාන්ත සීමා ඉවත් කිරීමෙ වැඩපිළිවෙලට හානියක් සිදු නොවේ යයි ඔහු බලාපොරොත්තු වන බවත් පවසා තිබේ.

ප්‍රාන්ත සීමා විවෘත කිරීම පිළිබද අවිනිශ්චිත භාවය

සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසන්නේ දකුණු ඕස්ට්‍රේලියානු නිලධාරීන් මෙම ආසාධන පාලනය කිරීමට සමත් වනු ඇති බවයි. ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ද උපකාර සදහා යොදවා ඇති අතර ජාතික වශයෙන් incident centre මධ්‍යස්ථානයක්ද ගොඩනගා ඇත.

ඔහු පවසන්නේ ලොව පුරා මිලියන 0.5ක් පමණ ආසාධන දිනකට වාර්තා වන හෙයින් විදේශයන් සිට ඕස්ට්‍රේලියානුවන් පැමිණෙන විට මෙවන් ආසාධන ඇති වීමේ ඉඩකඩ ඇති බවයි.

ඒ නිසා පරීක්ෂාව,contact tracing හා නිරෝධායන කටයුතු ඉතා හොදින් සිදු විය යුතු බව ඔහු පවසයි.

නමුත් බටහිර ඔස්ට්‍රේලියාව නැවත සීමා වසා දැමීම සිදු කොට ඇතත් ඔහු පවසන්නේ මෙසේ එකවරම ප්‍රාන්ත වසා දැමීමට සෞඛ්‍යමය හේතුවක් නොමැති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තය මේ වන විට දින 17ක් වයිරසය නොමැතිව සිටි අතර Hunt මහතා පවසා ඇත්තේ මධ්‍යම රජයද වික්ටෝරියා ප්‍රාන්ත contact tracing වැඩපිළිවෙල ගැටළු වලට මුහුණ දුන් අවස්ථාවේ සියලු සහලය් ලබා දුන් බවයි.

එසේම ප්‍රාන්තයට වඩා එම ප්‍රාන්තයේ වැඩපිළිවෙල කෙරේ විශ්වාසයක් මධ්‍යම රජයට තිබු බව පැහැදිලි වන බවත් ඔහු පවසා තිබේ.

social
Source: SBS

4 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now