COVID 19 update 09 Aug: දකුණු ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ නොපළඳින අයට ඩොලර් 1,000 ක දඩයක්

2022 අගෝස්තු 09 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ADELAIDE PUBLIC TRANSPORT

Face masks are still mandatory on public transport across Australian states and territories. Source: AAP / MORGAN SETTE/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 104 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 44 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද,ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 24 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ COVID නිලධාරීන් ඉදිරි සති හතර තුළ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළදීමේ අවශ්‍යතා පිළිබඳව බස්, දුම්රිය සහ ට්‍රෑම් රථ මගීන්ට සිහිපත් කර දෙනු ඇත.

බරපතල නීති උල්ලංඝනයන් සඳහා එම නිලධාරීන්ට ලිඛිත අවවාදයක් හෝ ඩොලර් 1,000 ක දඩයක් නිකුත් කළ හැකිය.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරිවල පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වේ.

වික්ටෝරියා ප්‍රාන්තය විසින් N95 සහ KN95 මුව ආවරණ මිලියන තුනක් රජය විසින් පවත්වාගෙන යන කොවිඩ් පරීක්ෂණ ස්ථාන, ප්‍රජා සෞඛ්‍ය සේවා සහ පොදු ප්‍රවාහන ජාලය හරහා නිවැසියන්ට නොමිලේ ලබා දීමට නියමිතය.

වත්මන් COVID-19 රැල්ල ජූලි 25 වන දින ක්වීන්ස්ලන්තයේ උපරිමයට පැමිණියේය. ප්‍රාන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරියා දෙසැම්බරයේ මීළඟ කොවිඩ් රැල්ල පුරෝකථනය කරයි.

අගෝස්තු 15 සිට බටහිර ඔස්ට්‍රේලියාව එහි COVID අනතුරු ඇඟවීමේ මට්ටම රතු සිට නිල් දක්වා දක්වා අඩු කරනු ඇත. මෙම පියවර මඟින් ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නැවත සායනික රාජකාරි සඳහා නිදහස් කරනු ඇත.

අගෝස්තු 8 වන විට ඔස්ට්‍රේලියාවේ COVID-19 රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 12,355 ක් වාර්තා විය. සියලුම රෝගීන්ගේ මධ්‍ය වයස අවුරුදු 31 ක් වන අතර මරණවල සාමාන්‍ය වයස අවුරුදු 83 ක් බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.

2022 දී COVID-19 ඔස්ට්‍රේලියාවේ මරණවලට තුන්වන විශාලතම හේතුව බව නව විශ්ලේෂණයන් පෙන්නුම් කරයි. එය හෘද වාහිනී රෝග සහ පෙනහළු පිළිකාවලට වඩා වැඩි ජීවිතසංඛ්‍යාවක් බිලිගෙන ඇත.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now