කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පනවා ඇති සීමා, පෙර සැලසුම් කල කාලසීමාවට වඩා කලින් ලිහිල් කිරීමට හැකිවනු ඇති බවට ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාෂල් ප්‍රකාශ කරයි.
ඒ අනුව හෙට එනම් මැයි 22 දා සිට අවන්හල් තුළ ආහාර ගන්නා පුද්ගලයින්ගේ සීමාව 10 දක්වා වැඩි කරනු ඇති අතර, පාරිභෝගිකයිනට ආහාර සමඟ මත්පැන් ඇණවුම් කිරීමේ අවසරය ද හිමිවෙයි.
ජූනි 5 දා දකුනු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇති සීමා ඉවත්කිරීමට නියමිතව තිබුනද, නියමිත දිනට වඩා දින තුනකට පෙර මෙලෙස ප්‍රාන්තයේ කොරෝනා නිසා පනවා ඇති සීමා ඉවත් කිරීම මඟින් පුද්ගල ජන ජීවිතය යථා තත්වයට පත්වීම කඩිනම් වීම සහ රැකියා ආරම්භ වීම මඟින් ආර්ථික උත්තේජනයද සිදුවෙනු ඇති බව විශ්වාසයයි.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ රංග ශාලා සහ සිනමා ශාලා නැවත විවෘත කිරීමට ද ඉඩ සැලසේ.
නමුත් අවශ්‍ය වුවහොත් දැඩි තහංචි යලිත් පනවන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාෂල් අනතුරු අඟවා සිටී .

