SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා දකුණු කොරියාවේ සිට සෘජුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ටත් ඔස්ට්‍රේලියාව තහනම් කෙරේ

South Korea added to Australia's coronavirus travel ban list
People arriving at an airport. Image for representation only. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

දකුණු කොරියාවේ සිට සෘජුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තහනම් කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරී යාම වළක්වාලීමේ අරමුණින් මොරිසන් රජය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර මෙම සංචාරක තහනම චීනයට සහ ඉරානයට පැනවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.

එමෙන්ම චීනයේ සහ ඉරානයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයින්ට පනවා ඇති සංචාරක තහනම තවත් සතියකට දීර්ග කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇතැයි ABC පුවත් සේවය වාර්තා කරයි.

කෙසේවෙතත් විදේශ සංචාරකයෙකු චීනයේ, ඉරානයේ හෝ දකුණු කොරියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරනවානම් එම පුද්ගලයා කොරෝනා අවදානම රහිත වෙනත් රටකට ගොස් දින 14 ක් එහි ගතකොට ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතුය.

මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් අදාළ රටවලට ගොස් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී දින 14 ක නිරෝධායන කාලයක් අදාළ නිරෝධායන ස්ථාන වල සිට සිය නිවෙස් බලා යා හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දන්වයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now