SKIP TO MAIN CONTENT

ජලකර බෝම්බයෙන් පසුව උතුරු කොරියාවෙන් ලොවට තවත් තෑග්ගක්...

South Korea says North is 'preparing another missile launch'
Source: SBS

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඊයේ (03/09) දිනයේදී අත්හදා බැලු හයිඩ්‍රජන් හෙවත් ජලකර බෝම්බයයෙන් පසුව උතුරු කොරියාව තවත් දිගු දුර මිසයිලයක් දියත් කිරීමට සූදානම් වන ආකාරයක් පෙනී යන බව දකුණු කොරියාව පවසයි.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු ඔවුන් තවමත් මුදා හැර නොමැති නමුත් එය තවත් අන්තර් මහද්වීපික දිගු දුර මිසයිලයක් විය හැකි බවට කරුණු හෙළිදරව් වී තිබේ.

ඉරිදා අත්හදා බැලූ ජලකර බෝම්බයේ පිපුරුම් ශක්තිය කිලෝ ටොන් 50 ක් පමණ වන බවත් 1945 වසරේදී ජපානයේ හිරෝෂීමා නගරය විනාශ කිරීමට ඇමෙරිකාව හෙලූ බෝම්බය මෙන් තුන් ගුණයක් බවත් දකුණු කොරියාව පවසයි.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය උතුරු කොරියාවට දෙහිකපයි...

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් යුද්දයක් සඳහා ආයාචනය කරමින් සිටින බව එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය වන නිකී  හේලි පවසයි. උතුරු කොරියාවේ 6 වන නයෂ්ඨික අත්හදාබැලිම වුනු හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බැලීමේ කියාදාමයට එක්සත්ජාතීන්ගේ සංවිධානය විසින් ගතහැකි උපරිම සහ දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවද ඇමරිකානු නියෝජිතවරිය එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පවසා සිටියාය. එසේම ආරක්ෂක මණ්ඩල විසින් වසර 2006 දී උතුරු කොරියාවට එරෙහිව උත්සන්න කල සම්භාදක නිසිලෙස ක්‍රියාත්මක නොවන බවටද ය චෝදනා කොට සිටියාය.

එසේම එක්සත්ජාතිගේ ආරක්ෂක මණ්ඩලයේදී චීන නියෝජිත ලීඕ ජෙඊ පවසා ඇත්තේ කොරෝයානු අර්දද්වීපයේ යුධමය වාතාවරණයක් ඇතිවීමට චීනය කිසිසේත් ඉඩ නොතබන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now