SKIP TO MAIN CONTENT

බාසිලෝනා නුවර සිදු කළ ත්‍රස්ත වාහන ප්‍රහාරයේ රියදුරු සොයා තවදුරටත් මෙහෙයුම්.

Spain Police are still searching for the driver of the terror van.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය සතියේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිදු කළ ත්‍රස්ත වාහන ප්‍රහාරයේ රියදුරු නීතියේ රැහැනට හසු කරගැනීමට ස්පාඤ්ඤ පොලීසිය ඊසාන දිග ස්පාඤ්ඤයේ පොලිස් මාර්ග බාධක යොදවා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් 13 දෙනෙකු මිය ගිය බවට වාර්තා වන අතර 100 කට අධික සංඛ්‍යාවක් තුවාල් ලබා ඇති බවද සඳහන්.

සිද්ධියට මුල්වූ වැන් රථය ධාවනය කළ රියදුරා පලා ගොස් ඇති අතර ඔහුව සොයා පොලීසිය තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැන් රථයට පුපුරණ ද්‍රව්‍ය පුරවා කැටලෝනියා නුවර දැවැන්ත පිපිරීමක් සිදු කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

වැන් රථයේ රියදුරු මේ සිද්ධියට සෘජුවම වගකිව යුතුද යන්න පිළිබඳ මේ වන විට ප්‍රකශ කළ නොහැකි බවත් හැකි ඉක්මනින් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරන බවත් කැටලෝනියා  පොලිස් ප්‍රධානී Josep Lluis Trapero  පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now