SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ පළාත් පාලන සංශෝධන පනතට කථානායක අත්සන් තබයි.

Speaker endorses LG Amendment; comes into effect.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත්  පාලන ආයතන  ඡන්ද  විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (31/09)  කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඊයේ දිනය ඓතිහාසික අවස්ථාවක් බව එහිදී කථානායකවරයා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේය.

තම කොට්ඨාසයට, ප්‍රදේශයට  වගකියන මනාප පොරයෙන් බැහැරව මහජන නියෝජිතයින් පත් කිරීමට හැකි පනතක් අද සිට බලාත්මක වන බවත් සමාජයෙන් මේ සඳහා විශාල හඬක් නැගුණ බවත් ඒ මහතා එහිදී පැවසුවේය.

මනාප ක්‍රමය නිසා ශ්‍රී ලංකාවේ මුළු දේශපාලන සංස්කෘතියම විකෘති වුණ බවත් ජයසුරිය මහතා කියා සිටියේය.

 “මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදි හඳුනා ගන්නා අඩුපාඩු පිළිබඳවත් අවබෝධයෙන් යුතුව ඉදිරි මැතිවරණවලටත් මෙය ආදේශ කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මින්පසු සාමාන්‍යය ගොවියකුට, ගුරුවරයකුට මහා ධනස්කන්ධයක් නොමැති සැබෑ පරාර්ථකාමී සමාජ සේවකයකුට මහ ජනතතාවට සේවය කරන්න ඉඩ ලැබේවි.මේ ආරම්භ කරන දේශපාලන ගමන පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, අරලිය ගහ මන්දිරයට හා රජ ගෙදර දක්වා යෑමට අවස්ථාව ලැබේවි.” යනුවෙන් කතානායකවරයා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now