SKIP TO MAIN CONTENT

අවසානයේ ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතා නායක නිල වශයෙන් නිවේදනය කරයි

Sri Lanka's embattled President Gotabaya Rajapaksa landed in the neighbouring Maldives Wednesday, local officials said.
Gotabaya Rajapaksa Source: Getty / Andy Buchanan

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Sri Lankan Media


Skip to article content

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතා නායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (ජූලි 15) පෙරවරු 9.30 ට පමණ ප්‍රකාශයට පත් කෙරිණි

කථානායක නිල නිවසේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නිල නිවේදනය සිදු කර තිබේ.

ඒ අනුව 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.

Gotabaya Rajapaksa has resigned
Source: Supplied

මේ සමග වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා මෙම ඉල්ලා අස්වීමේ ලිපිය කතා නායකවරයාට එවූ බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now