SKIP TO MAIN CONTENT

ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟය අතරතුර වර්ගවාදී අදහස් පලකල ප්‍රේක්ෂකයින් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට

Mohammed Siraj and his Indian team mates complain to umpires of being racial abused by a group of spectators at the SCG.
The complaints came during day 4 of the third Test Match between Australia and India at the SCG. Source: AAP

1 min read

Published

Updated


Skip to article content

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග සිඩ්නි හි පැවති තුන්වන ටෙස්ට් තරඟයේ සිව් වන දිනය වූ ඊයේ දිනයේදී ඉදිරියට පැමිණීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වී තිබේ.

සිය දෙවන ඉනිම සඳහා ලකුණු 407ක ඉලක්කයක් හඹා යන ඉන්දීය පිල දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී රස කරගෙන තිබූ ලකුණු සංක්‍යාව 98ක්.

මේ අනුව සංචාරක ඉන්දියානු පිල ඕස්ට්‍රේලියානු පිලට වඩා ලකුණු 308ක් පිටුපසින් සිටී.

මේ අතර, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තරඟය අතරතුරදී ප්‍රේක්ෂකයින් කණ්ඩායමක් විසින්, පන්දු රකිමින් සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට වර්ගවාදී වාග් ප්‍රහාර සිදු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් Cricket Australia සහ NSW පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ

මෙම සිදු වීම හේතුවෙන් ඊයේ දිනයේදී තරඟය මිනිත්තු 10කට පමණ තාවකාලිකව නැවත්වීමට සිදුව ඇති අතර NSW පොලිසිය මගින් මෙලෙස වර්ගවාදී වාග් ප්‍රහාර සිදු කල ප්‍රේක්ෂකයින් කණ්ඩායම ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය ක්‍රිකට් පිලේ Ravichandran Ashwin පවසා සිටින්නේ මෙය මෙලෙස වර්ගවාදී ලෙස ප්‍රේක්ෂකයින් හැසිරුණ පළමු අවස්ථාව නොවන අතර මෙම පිළිගත නොහැකි හැසිරීම මින් ඉදිරියට නොවීම සඳහා ක්‍රියා කරන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now