SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස Tom Moody ව පත් කෙරේ

Sri Lanka appoint Tom Moody as Director of Sri Lanka Cricket Training Division
Tom Moody Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන Tom Moody ව අද (01/03) සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශයකට අනුව Tom Moody ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙසේ තීරණය කර ඇත.

උපදේශන පදනම මත Tom Moody වසර 3 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම් ගෙන සිටින අතර ගිවිසුම් ගත දිනයේ සිට දින 300 ක කාලයක් ඔහුට අනිවාර්යය පැවැරුම් ඉටු කිරීමට සිදුවනු ඇත.

Tom Moody ගේ රාජකාරි අතරට අනාගත ක්‍රිකට් සංචාර වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලි ව්‍යුහය විශ්ලේෂණය කිරීම, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය විශ්ලේෂණය කිරීම මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් ප්‍රධාන වශයෙන් අඩංගු වේ.

මේ වන විට 55 වැනි වියේ පසුවන Tom Moody 2005 වසරේ සිට 2007 වසර දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට සමත්වූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මීට පෙරත් කටයුතු කළ Tom Moody සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට සමත්ව සිටින බවත් වර්තමාන ගෝලීය ක්‍රීඩාව සම්බන්ධව ඔහු තුළ ඇති දැනුම භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි වටිනාකමක් එක් කරනු ඇති බවත් තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now