ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ, තෙවැනි දිනය වූ ඊයේ (ජුලි 28දා ) දිනය නිමාවට පත් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල නංවන්නට කුසල් මෙන්ඩිස් සමත් විය. පළමු ඉනිම තුලදී ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 86ක් පිටුපසින් සිටිමින් අසීරු ගමනක් ඇරඔු ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමට නොදැවී ලකුණු 169ක් එක කරන්නට කුසල් ඊයේ දිනයේදී සමත් විය. ඊයේ දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 282ක් වාර්තා කර තිබු අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට කදුළු 4ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් සිටියි.
දැනට 21 හැවිරිදි වියේ පසුවන කුසල් මෙන්ඩිස්‌ගේ හත්වැනි ටෙස්‌ට් තරගය මෙය වන අතර, ඔහු වාර්තා කල ශතකය ශ්‍රී ලංකාවේ ළාබාලතම ටෙස්‌ට් ශතකය ලෙසද වාර්තා අතරට එක් විය. කුසල් වයස අවුරුදු 21 යි දින 177 කදී මෙම දස්‌කම දැක්‌වූ අතර මීට පෙර ශ්‍රී ලංකාවේ ළාබාලතම ටෙස්‌ට් ශතකයේ හිමිකරුවා වූයේ රොමේෂ් කළුවිතාරණ වන අතර ඔහුද ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය මංගල ටෙස්‌ට් තරගයේදීම අදාළ දස්‌කම දක්‌වන විට වයස අවුරුදු 22 යි දින 267 ක යෞවනයකු විය. ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වන අතර එහි පෙරමුණේ සිටින කුමාර් සංගක්‌කාර හෝබාට් හිදී ලබාගත් ලකුණු 192 බිඳ දැමීමට කුසල්ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 24 ක් පමණි.
මෙම තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව ඉක්මවා ගියහොත් ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ඇති බව තරගයේ දෙවැනි දිනයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සදකැන් ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී Mitchell Starc සහ Nathan Lyon කඩුලු දෙක බැගින් දවාගන්නට සමත් විය. ඕස්ට්‍රේලියානු වමත් දග පන්දු යවන ක්‍රීඩක Stephen O'Keefe එක් කඩුල්ලක් දවගන්නට සමත් වූ අතර, අබාධයකට ලක් වීම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වූ අතර, ඔහුගේ සේවය ලබගැනීමට නොහැකි වීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පවසයි.
තරගයේ තෙවැනි දිනය නිමාවට පත් වීමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Lyon මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
https://www.youtube.com/embed/R89naI9o2IY
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව පළමු ඉනිම 117 යි.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 203 යි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම - 282 කඩුලු 6ක් දැවී
දිනේෂ් චන්දිමාල් - 42
ධනංජය ද සිල්වා - 36
නොදැවී කඩුල්ලේ රැදී සිටින
කුසල් මෙන්ඩිස් - 169
ඩිල්රුවන් පෙරේරා - 05
අද තරගය සිව්වැනි දිනට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.