Live

Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙල්බන් ක්‍රිකට් පිටිය වර්ණවත් කරමින් පළමු 20-20 තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්.

Sri Lanka beat Australia in first T20
Source: SBS

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (17/02) පැවති ප්‍රථම 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග, ඔස්ට්‍රේලියාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරුවන් වන Aaron Finch සහ Michael Klinger පිළිවෙලින් ලකුණු 43ක් සහ 38 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 2 ක් බිඳ හෙළීය.

ලකුණු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 172 ක් ලබාගනිමින් තරගයේ ජය සටහන් කළේය.

ශ්‍රී ලංකා පිළට ශක්තිමත් ස්ථාවරයක් ලබා දුන් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 25 කදී වේගවත් ලකුණු 30 ක් රැස් කළ අතර දිල්ශාන් මුනවීර පන්දු 29 කදී වේගවත් ලකුණු 44 ක් රැස් කළේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි අසේල ගුණරත්න පන්දු 41 දී ලබා ගත් ලකුණු 52 ක ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු දැල්වීය.

කෙසේවෙතත්, අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ලකුණු  6ක් ලබා ගත යුතුව තිබුණු අතර අවසන් පන්දුවට එක් ලකුණක් ලබා ගැනීමට සිදු විය.

චාමර කපුගෙදර අවසන් පන්දුවේදී ලකුණු 4 ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්න හට හිමි විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ 1-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.


2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now