SKIP TO MAIN CONTENT

බංග්ලාදේශය ලකුණු 82කට සීමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති එක් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් අත් කරගනිමින් තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට මොහොතකට පෙර සමත් විය.

Sri Lanka Vs Bangladesh ODI 25th jan 2018
Sri Lanka Vs Bangladesh ODI 25th jan 2018 Source: sri lanka cricket

1 min read

Published

Updated

Source: Sri Lanka Cricket

Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති එක්  ක්‍රිකට් තරගයෙන් කඩුලු  10ක  ජයක් අත්  කරගනිමින් තුන්කොන් එක්  දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට  මොහොතකට පෙර සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 82කට සීමා  කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු  3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා සහ ලක්ෂාන්  සදකෑන් කඩුලු  දෙක බැගින් දවගන්නට සමත් විය.

අනතුරුව පන්දු වාර  11කුත් පන්දු පහකදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 83ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගාවලියේ අවසන් මහා තරගය 27 වැනි සෙනසුරාදා  පැවැත්වීමට නියමිතයි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now