SKIP TO MAIN CONTENT

තුන් කොන් සටනේ ජය ලංකාවට.

Sri Lanka beat Bangladesh by 79 runs, clinch title
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා සිම්බාබ්වේ තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ  ඊයේ (28/01) පැවති අවසන් මහා තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 79 ක විශිෂ්ඨ ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව, ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී සියල්ලන්ම දැවී ලකුණු 221 ක් ලබා ගන්නට සමත් විය.

එහිදී උපුල් තරංග ලකුණු 56 ක්ද නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක්ද ලබා ගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 41 යි එක් පන්දුවකදී ලකුණු 142 කට සියල්ලන්ම දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂෙහාන් මධුසංඛ කඩුලු 3ක්ද අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර  කඩුලු 2 බැගින්ද බිඳ හෙළීය.

ෂෙහාන් මධුසංඛ ලබා ගත් කඩුලු 3, කඩුලු ත්‍රිත්වයක් වූ අතර එය ඔහුගේ පළමු එක් දින ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්වය ලෙසද වාර්තා වේ.

තරගයේ වීරයා සම්මානය උපුල් තරංග හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය තිසර පෙර්රා හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now